විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් අඩු කරනවා - බලශක්ති ඇමති

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් අඩු කරනවා - බලශක්ති ඇමති
  • SocialShare:

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත්, මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත්, ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත්

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

අද (18) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන බව මෙහි දී සඳහන් කළේය.

එමෙන්ම, විදුලිබිල මෙලෙස සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට ලොකු සහනයක් බවත්, රජයක් ලෙස අපහසුතා දරාගෙන ඒවා කළමනාකරණය කරමින් ජනතාවට සහන ලබා දීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව ද බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.