දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව දෙස් විදෙස් ආයතන සහ දානපතියන් රැසකගෙන් ආධාර ලැබෙමින් පවතී.
ඒ අනුව, Southern Constructions & Engineering (Pvt) Ltd ආයතනය විසින් අද (15) දිනයේදී රුපියල් මිලියනයක ආධාරයක් පිරිනමනු ලැබීය.
එම ආයතනය වෙනුවෙන් පී. කේ. ඩබ්. දිලන්ත, එච්. එල්. බී. රොෂාන් සහ ආර්. ඒ. පී. එම්. රණසිංහ යන මහත්වරුන් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක් පතක් මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.


