‘Rebuilding Sri Lanka’ අරමුදලට Senura Civil Engineering (Pvt) Ltd සහ Rank Container Terminal (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 50 ක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Senura Civil Engineering (Pvt) Ltd සහ Rank Container Terminal (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 50 ක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ  දානපතීන් විසින් දිනපතා ආධාර කරනු ලැබේ.

ඒ අනුව, Senura Civil Engineering (Pvt) Ltd සහ  Rank Container Terminal (Pvt) Ltd  ආයතන දෙක  විසින් අද (15) දිනයේදී  රුපියල් මිලියන 50ක ආධාරයක් පිරිනමනු ලැබීය. Senura Civil Engineering (Pvt) Ltd ආයතනයෙන් රුපියල් මිලියන 25ක්ද, Rank Container Terminal (Pvt) Ltd ආයතනයෙන් රුපියල් මිලියන 25ක්ද වශයෙන් මෙම මූල්‍ය පරිත්‍යාගවලට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට එම ආයතන දෙක නියෝජනය කරමින් රවි විජේරත්න, ෂහේන් විජේරත්න සහ ශාන්ත ඉලංගමුදලි යන මහත්වරු එක්ව සිටියහ.