Rebuilding Sri Lanka අරමුදලට MARKS AND SPENCER PLC වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට MARKS AND SPENCER PLC වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට MARKS AND SPENCER PLC  විසින් රුපියල් 4,684,139.50 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත MARKS AND SPENCER PLCහි සාමාන්‍යාධිකාරි රිෆට් අර්මාන් (Rifat Arman) සහ ප්‍රාදේශී‍ය කළමනාකරු Shabry Aher යන මහත්වරු විසින් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.

MARKS AND SPENCER PLC නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.