ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යන බවත්, ශ්‍රී ලංකාව නිවැරදි මාවතට එමින් තිබෙන බවත්, ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදුකළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Woldemichael සඳහන් කළාය.
තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ ඊයේ (12) කොළඹදී පැවැත් වුණු අතර, එහි ප්‍රධාන දේශනය සිදුකරමින් මාර්තා ටෙස්ෆේ වොල්ඩෙමිචෙල් මහත්මිය මේ බව සඳහන් කළාය.
මෙහිදි ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ අපනයන මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.


