ජපාන රජය IOM සමග එක්ව දේශසීමා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තෙවන වරටත් සහයෝගය ලබා දෙයි

ජපාන රජය IOM සමග එක්ව දේශසීමා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තෙවන වරටත් සහයෝගය ලබා දෙයි
  • SocialShare:

ජපාන රජයේ මූල්‍යමය දායකත්වය සමග සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM ) සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රජය වෙත දේශසීමා ගුණාත්මකභාවය,ගුවන්සේවා ආරක්ෂාව,මගී සැකසුම් සඳහා නවීන තාක්ෂණයන් පිළිබඳ වැදගත් උපාංග කට්ට්ලයක් ඊයේ (04) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිල වශයෙන් භාර දී තිබේ.

දකුණු බටහිර ආසියාවේ වසංගත රෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සීමා පාලනයේ හැකියාව ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක තෙරෙන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ප්‍රධාන ප්‍රවේශ ස්ථානවල ඵලදායීභාවය සහ උපරිම ප්‍රතිචාර හැකියාව වැඩිදියුණුකිරීම මෙහි අරමුණ වේ.මේ සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක අරමුදලක් ලබා දී ඇත.
ඒ් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උසස් තාක්ෂණයෙන් යුත් C2 ස්කෑනර් සහිතව සකස් කරන ලද ගමන්මලු සහ භාණ්ඩ පරීක්ෂණ යන්ත්‍ර 13ක් , බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ ඉදිකරනු ලබන සම්පූර්ණයෙන්ම වෙන්වූ හුදකලා කාමරයක් , ගුවන්තොටුපළ කසළ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා යූරෝ කරත්ත 50ක් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් 20ක් සමග අපද්‍රව්‍ය රැස් කිරීමේ කුඩා ලොරි රථයක් මෙම ව්‍යාාපෘතිය යටතේ ලබා දී තිබේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමිල් රත්නායක මහතා , ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමතා මහතා , සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ මහාාචාර්ය ඉඔරි කතෝ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඒක්විය.