දකුණු ආසියානු කලාපයේ වාණිජ කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සඳහා වෙළඳ කොමසාරිස් මෙන්ම බටහිර ඉන්දියාව සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ද වන Harjinder Kang මහතා පවසයි.
එක්සත් රාජධානියේ දකුණු ආසියාව සඳහා වෙළඳ කොමසාරිස්වරයා මෙන්ම බටහිර ඉන්දියාව සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ද Harjinder Kang මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති ශ්‍රී ලංකාවේ ආයෝජන හා වාණිජ කටයුතු පිළිබඳව සාකච්ඡාවේ දී මෙසේ සඳහන් කරන ලදී.
මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ, ග්‍රැනයිට්, ඛණිජ වැලි, පොස්පේට් යන කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීම් සහිත ආයෝජන අවස්ථා රැසක් මෙරට පවතින බවත් ඒ සඳහා බ්‍රිතාන්‍ය ආයෝජකයන්ට ආරාධනා කරන බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ආශ්‍රිතව පැන නැගී තිබූ ගැටලු රැසක් විසඳීමට නව රජය කටයුතු කර ඇති බවත් එම ක්ෂේත්‍රය තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක අපනයන ආදායමක් මේ වසරේ දී ඉලක්ක කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අගය එකතු කළ තේ, කුරුඳු, කුළුබඩු සඳහා බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බව පැවසූ Harjinder Kang මහතා දිගුකාලීන වාසි ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ වාණිජ අධ්‍යක්ෂ සහ දකුණු ආසියාව සඳහා වාණිජ ප්‍රතිපත්ති උපදේශක Mara Waters, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන නියෝජ්‍ය ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් රසිදු මාරගල යන අය සහභාගී වූහ.