වතු ජනතාවට මෙම වර්ෂය තුළ නව නිවාස 4,350ක්

වතු ජනතාවට මෙම වර්ෂය තුළ නව නිවාස 4,350ක්
  • SocialShare:

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350ක් ඉදිකරන බවත් වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

මීට පෙර වතු ජනතාවට කියා නිවාස ඉදිකර ඒවා ලබා දී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත්, නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබා දෙන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම් වල ඉහල නිලධාරින් සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජන සංඝණන වලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් බවත්, එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බවත් එයා ඉතාම අඩු තත්ත්වයක් බව යැයි ද සඳහන් කළේය.

එමෙන්ම, දිළිඳු බව අතින් ජාතික වශයෙන් 11.9% ක් වන විට වතු ආශ්‍රිතව දිළීඳු බව 29.7%ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය තුල වතු ජනතාව දිළිඳු බවින් මුදවා නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දිම අරමුණ බවත් කියා සිටි අමාත්‍යවරයා ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1,300ක් ඉදිකර අවසන් බවත්, 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350ක් ද, 2026 වර්ශය තුළ තවත් 4,350ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබා දෙන බව ද අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතාද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද, රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම් වල ඉහල නිලධාරින්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.