ලෝකය වෙනස් කිරීමට නම් වෙනස් විදියට හිතන පිරිසක් බිහි කළ යුතු බවත්, ඒ සඳහා මග පෑදීමට රජය සෑම විටම සූදානම් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ සේවා හා ආධාරක මධ්‍යස්ථානය “Harvest Centre” විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ දී විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය (පෞද්ගලික අංශය) එක තැනකට ගෙන එන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බවත්, දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම මෙම 'Harvest Centre' තුළින් සිදු කිරීමට අරමුණු කරන බවද අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය උපරිමයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩිකර තිබෙනවා. මීට වඩා එය වැඩි කිරීමට රජයට අවශ්‍ය උවත් පවතින IMF කොන්දේසි මත එය සිදුකීරීමට හැකියාවක් නැහැ. එවැනි වැඩිකීරිම් සිදුකිරීමට නම් දළ දේශිය නිෂ්පාදිතය වැඩිකළ යුතුයි. ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. මෙවැනි සේවා හා ආධරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම එම ඉලක්ක සපුරාගැනීමට ඉදිරි පියවරක් වෙනවා”
දකුණු කලාපීය කෘෂි ව්‍යාපාර හා ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ස්ථාපිත මෙම මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයින්ට ආහාර වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතීන් පිළිබඳ පර්යේෂණ සහ පරීක්ෂණ වාර්තා සහ විද්‍යාත්මක වාර්තා විශ්ව විද්‍යාල රසායනාගාර මගින් ලබා ගැනීම, ජාත්‍යන්තර වෙළඳ පලට ගැළපෙන නවීන ඇසුරුමකරණ උපදෙස් සහ පහසුකම්, ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ කළමනාකරණ දැනුම ලබා ගැනීම, නව නිෂ්පාදන වාණිජකරණය, වෙළඳපලට හඳුන්වා දීම සහ තාක්ෂණ හුවමාරුව සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපදේශනය හා මගපෙන්වීම ලබා දීමට නියමිතය.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම, අජන්ත ගම්මැද්දෙගේ යන මහත්වරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවී, රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‌ය පී.ඒ ජයන්ත, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහචාර්ය ජී. වයි. ජයසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


