දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසු කරමින් කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹීම සඳහා පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන්න 10.5ක් මුදලක් වෙන් කර තිබේ.
පේරාදෙණිය, බදුල්ල චෙලංකඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් ඒ අල්මුද්දලා මහතා විසින් සිදු කරන ලදී.
එම සංශෝධිත ගිවිසුම් මඟින් පේරාදෙණිය, බදුල්ල චෙලංකඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිත වන අතර, එය කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කරනු ඇත.
මෙම පාලම ඉදිකිරීමෙන් ප්‍රවාහන අපහසුතා රැසකට විසඳුම් ලබා දීමට නියමිත ව ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.