කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ETX වර්ගයේ නවීන ත්‍රීරෝද රථයක්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ETX වර්ගයේ නවීන ත්‍රීරෝද රථයක්
  • SocialShare:

CodeGen ව්‍යාපාරයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් එම ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුත් ETX වර්ගයේ නවීන ත්‍රීරෝද රථයක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ලබාදීම පසුගියදා (06) සිදු කෙරිණි.

මෙම විද්‍යුත් ත්‍රීරෝද රථයේ නවීන පහසුකම් වලින් සහ හදිසි අනතුරු රෝගී ප්‍රතිකාර ප්‍රවාහන සේවාවන් සඳහාම සකස් කර ඇති පහසුකම් වලින් යුුුුක්ත වන බවත්, වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 150ක පමණ දුරක් ධාවනය කළ හැකි බවත්, එහිදී CodeGen ව්‍යාපාරයේ නිලධාරින් විසින් දැනුම්වත් කරන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, හදිසි අනතූරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය, CodeGen International ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.