අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ "EduCycle" වැඩසටහන ඇරඹේ

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ "EduCycle" වැඩසටහන ඇරඹේ
  • SocialShare:

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ " EduCycle" අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කෑගලු විද්‍යාලයේදී ආරම්භ විය.

මෙම වැඩසටහනේ අභිවෘද්ධික කාර්යය සඳහා පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.

PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මුලපිරීම් හරහා පාසල් තුළ ප්‍රායෝගික ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම, පරිසර ආරක්ෂණය සහ තිරසාරභාවයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ සක්‍රීය දායකත්වය දිරිමත් කිරීම මෙන්ම පරිසර අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, නෙප්චූන් පේපර්ස් (Neptune Papers) ආයතනය සහ සහභාගී වන පාසල් අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම මෙම ගිවිසුම මගින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන , ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් තුළ තිරසාර පාරිසරික පුරුදු වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරමින් හරිත පරිසරයක් මතු පරපුර සදහා තිළිණ කිරීම සදහා අවශ්‍ය පදනම සකසනු ලබන අතර අපද්‍රව්‍ය කලමණාකරනය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික පහසුකම් සලසනු ඇත.