clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර .
රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අද දිවයින පුරාම clean sri lanka වැඩසටහන යටතේ අපි කිලෝමීටර් ගණනාවක් සුද්ද කරනවා.
clean sri lanka වැඩසටහනේ අරමුණ වෙලා තියෙන්නේ සුද්ධ පවිත්‍ර කිරීම පමණක් නෙමෙයි. ඒක පිටිපස්සේ විශාල අර්ථයක් තියෙනවා. අපේ පරිසරය විතරක් නෙමෙයි. අපේ හිතේ තියෙන අපවිත්‍රභාවයේ ඉඳන් ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන එකත් මේ ව්‍යාපෘතියේ කොටසක්.
මේ රටේ ජනතාව විශාල සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා. ඒක දේශපාලන පරිවර්තනයක් වගේම සමාජීය පරිවර්තනයක්. ඒ පරිවර්තනය ආණ්ඩුවට තනියෙන් කල හැකි දෙයක් නෙවෙයි. ඒක සාමූහික ක්‍රියාවලියක්. අපි තුළින් ඉස්සෙල්ලා පටන් අරගෙන අපේ ගෙදර, ගම, පාර, කඩමණ්ඩියේ සිට මේ පරිවර්තනය සිදුවිය යුතුයි. මේකට විශාල ජනතා සහභාගිත්වයක් අවශ්‍යයි. අපි මෙතන සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අපේ නිල තනතුරු ගැන හිතලා නෙවෙයි. මේ රටේ පුරවැසියන් හැටියටයි.
කොළඹ දිස්ත්‍රික්කායේ පුරවැසියන් හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන් තැනක් අපි නිර්මාණය කරගන්න ඕන. ආරක්ෂාව, අධ්‍යාපනය, පිරිසිදුකම, සාධාරණය මේ සියල්ල අපේ ජීවිත වලට අවශ්‍යයි.
clean sri lanka වැඩසටහන තුලින් ජනතාව බලාපොරොත්තු වන පරිවර්ථනය සිදු කිරීමට සියලු දෙනා එකතුවන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය,
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, බසනාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, කොළඹ නගරසභා අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න කුමාර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ගම්වාසීන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.