Clean Sri Lanka වැඩසටහන යටතේ පුද්ගලයන්ට නඩු පැවරීමට හෝ අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී නැති බවත් පුද්ගලයින් උසාවි රැගෙන යාමක් සිදු කර නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අද දින පුවත්පතක් විසින් වාර්තා කළ “ ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ.. කොළ කැඳ විකුණූ අයටත් අතුරුගිරිය පොලීසියෙන් නඩු දමලා..” යන පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්තිය සිය පුවත් පතෙහි මුල් පිටුවේ පළකිරීමත් සහ ඒ සම්බන්ධයෙන් භාවිතා කර ඇති වචන වලින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රටේ ප්‍රතිරූපය ඉහළ නංවන වැඩපිළිවෙළකට වඩා එදිනෙදා ජීවිතය ගතකරන සාමාන්‍ය ජනතාවට නීති කටයුතු සිදුකරන නඩු පවරන වැඩපිළිවෙළක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කරමින් සිටින බවද සඳහන් කළේය.
මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බවද ක්ලීන් ශ්‍රී ලංකා යනු නඩු පවරන ව්‍යාපෘතියක් නොවන බවත් නඩු පැවරීමට පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නොමැති බවද වැඩිදුරටත් පැවසුවේය.
රටක ජනතාව වෙනුවෙන් රජයකට ගතහැකි ක්‍රියාමාර්ග පවතින බවද භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ගමන්ම රජයකට මෙවැනි ද්වේෂ සහගත පුවත් පළ කිරීමට එරෙහිව තීන්දු ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.