දළඳා මාලිගාවේ මාධ්‍ය අංශයට මුදල් ගෙවා, Clean Sri Lanka ප්‍රචාරණ කටයුතු කිසිවක් සිදුකර නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා පැවසීය.
අද(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රචාරණ කටයුත්තක් සඳහා දළඳා මාලිගාවේ මාධ්‍ය අංශයට මුදල් ගෙවා ඇතැයි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන ප්‍රකාශය අසත්‍ය බවයි.
එසේ මුදල් ගෙවා ,දළඳා වන්දනා පරිශ්‍රයතුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකර නැති බවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමාට ලිඛිතව දැනුම් දී ඇතැයිද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. දළඳා මාලිගාවේ මාධ්‍ය අංශයෙන් ද, තමා මේ සම්බන්ධයෙන් විමසූ බවත් , ඒ අනුව මුදල් ගෙවා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කර නැතැයි දළදා මාලිගාවේ මාධ්‍ය අංශය තහවුරුකළ බවද කීය. ජනතාවගේ වඩාත් සංවේදි ආගමික කටයුතුවලදී වගකීමෙන් සහ විශ්වාසයෙන් මාධ්‍ය හසුරවන ලෙසත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේය.