ජනපති මැයි මාසයේ වියට්නාමයට

ජනපති මැයි මාසයේ වියට්නාමයට
  • SocialShare:

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව මැයි මස 3වනදා සිට 06 වනදා දක්වා, ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අද (29)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

වියට්නාමයේදී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවත් එම යෝජනා ඊයේ (28) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.