ඖෂධ සැපයුම්කරුවන්ට ඖෂධ වෙළඳ පොළ පාලනය කිරීමට ඉඩ නොදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එසේම මේ වන විට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් රටවල් 7ක් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කළ අමාත්‍යවරයා , ඖෂධ සැපයුම්කරුවන් සේවය නිසි පරිදි සිදු නොකරන්නේ නම් රජය මැදිහත් වී ඖෂධ ආනයනය කරන බව අවධාරණය කළේය.
රට තුළ ඖෂධ හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමට, ඇතැම් ඖෂධ සැපයුම්කරුවන් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා නිශ්චිත කාලයක් ගතවන බවද ඉදිරියේදී එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රාදේශීය පර්යන්ත ගබඩාවල මෙන්ම රෝහල්වල ඖෂධ හිඟයක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතිවන්නේ මෙම සියලු ගබඩාවල ඖෂධ නොමැතිවීමෙන් බව වැඩිදුරටත් සදහන් කළේය.