තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ සම්මාන ලබති

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ සම්මාන ලබති
  • SocialShare:

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂන කර්මාන්ත මන්ඩලය (FITIS) සහ ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) සමඟ එක් ව වාර්ෂික ව පැවැත්වෙන “ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ” තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත්‍ර පුදානය 2025/04/28වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රදානත්වයෙන් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කාණ්ඩ 04ක් යටතේ 2024 වසරේ පැවැති මෙම තරඟාවලියේ 1. තරුණ පරිගණක විද්‍යාඥයා, 2. පාසල් මෘදුකාංග තරඟය, 3. නිර්මාණාත්මක ගුරුභවතුන්ගේ තරඟාවලිය සහ 4. නිර්මාණාත්මක ගුරු සිසුනගේ තරඟාවලිය වශයෙන් වූ තරඟාවලි ජයග්‍රාහකයින් ඇගයීමට ලක් වූ අතර 2024 වසරේ දෙසැම්බර් මස බෲනායිහි පැවති APICTA ජාත්‍යන්තර තරඟයට සහභාගී වී ජයග්‍රහණ ලබාගත් සිසු සිසුවියන් ද අගයනු ලැබිණි.

මෙම තරඟාවලියේ ඇගයීම් කටයුතු සිදු කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය (UCSC)මඟිනි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.