ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ 'සිලෝන් විශේෂ වතු තේ' වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසියේදී නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට නිල වශයෙන් ඇතුළත් වූ අතර එම තේ කිලෝවක් සඳහා ජපන් යෙන් 125,000ක් (ඇමරිකානු ඩොලර් 860 ක්) වැනි අතිවිශේෂ මිලකට අලෙවි වී තිබේ.
ජපානයේ ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සමගාමීව මෙම වෙන්දේසිය සිදු කර ඇත.
2025 සිලෝන් විශේෂ වතු තේ තරගයේ ජයග්‍රාහී තේ වර්ග 27 ක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හතම (07) නියෝජනය වන පරිදි එම තේ තොග වෙන්දේසි කරන ලදී.
ජපන් තේ ගැනුම්කරුවන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූ අතර, තරගයේ ජයග්‍රාහී තේ මිලදී ගැනීමට ඔවුන් දැඩි උනන්දුවක් දැක්වූ අතර ගැනුම්කරුවන්ට, වෙන්දේසි කරන ලද සියලුම තේ වර්ගවල තත්ත්වය පරීක්ෂා කිරීමටත්අවස්ථාව සැළසී තිබේ. ෙ
මෙම වාර්තාගත මිලට තේ තොගය මිලදී ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් වන M/s. Jannet International ආයතනය වේ.


