78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක්

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක්
  • SocialShare:

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන්  ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට  විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.

ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම  විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත.

  • බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම.
  • රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

මෙම විශේෂ ජනාධිපති  සමාව සඳහා රැදවියන් 49 දෙනෙකු 2026.02.04 වන දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇත