සෞඛ්‍ය සේවාව සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 604 ක මුදලක් වෙන් කර තිබේ. මෙරට නැවත ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පාර්ලිමේන්තුවේදී සිය අයවැය කතාවේදී පැවසීය.
කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඩිජිටල්කරණය අවම මට්ටමක ඇති බව ජනපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, 2025 වසරේ සිට සෞඛ්‍ය සේවා සැපයීම ඩිජිටල්කරණය වීම වැඩි දියුණු කිරීම සඳහා නව මුලපිරීම් හා මැදිහත්වීම් සිදු කරන බවද පැවසීය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ "සුවස්ථා” පද්ධතිය වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම මෙයට ඇතුළත් වෙන බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.
ග්‍රාමීය මට්ටමේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහාද කටයුතු කරන බව ජනපති පැවසීය.
බෝ නොවන රෝග පාලනය සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක (PMCUs) 1,000 කට අධික ප්‍රමාණයක සහ ප්‍රාදේශීය රෝහල්වල සේවා සැපයීම වැඩිදියුණු කිරීමට පියවර ගනු ලබනවා. තවද, විශේෂයෙන් වයස්ගත ජනගහනය ඉලක්ක කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සහන සහ වයෝවෘද්ධ සත්කාර සේවා පවත්වනවා. පවතින මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීම හරහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමට කටයුතු කරන බවද කීය
ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරන බවත් සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නා බවද පැවසීය.