රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇතැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (17) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.
රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80%කින් ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලු ම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිත ය.
රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් , උසස් වීම් සහ ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොර සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව සිදු කිරීමට කටයුතු කරන බවද ජනපති පැවසීය.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමට සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අකර මේ සඳහා රුපියල් මිලියන 10, 000ක් වෙන් කෙරේ.