ගල්ඔය ද්‍රෝණියට සහ මී ඔය ද්‍රෝණියට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්වයෙන් ආරක්ෂා වීමට කටයතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
එසේම මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


