හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකු අද(24) අරලියගහ මන්දිරයේදී පත්වීම් ලැබූහ.
මෙරට හෙද සේවා ඉතිහාසයේ සුවිශාල පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කළ පළමුවන අවස්ථාව මෙයයි.
උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම්ද ප්‍රදානය කිරීමද සිදු විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.