කලාසුරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ

කලාසුරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ
  • SocialShare:

කලාසුරී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය පිළීබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය  අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඇයගේ දේහය  අද (31) පස්වරු 2.00 දක්වා මහජන ගෞරවය සඳහා නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර ඇත.

එතුමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල් පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.