කලාසුරී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය පිළීබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඇයගේ දේහය දෙසැම්බර් මස 31වන දින පස්වරු 2.00 දක්වා මහජන ගෞරවය සඳහා නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර ඇත.
එදින පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල් පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.
එසේම ඇයගේ දේහය දෙසැම්බර් මස 29 සහ 30 දෙදින පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.


