වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද (29)වාර්තා වෙයි

වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද (29)වාර්තා වෙයි
  • SocialShare:

ඉතිහාසයේ වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද (29) දිනයේ වාර්තා වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණි වසර ලෙස 2018 වසර සටහන්ව ඇති අතර, එම වසරේදී සංචාරකයින් 2,333,796 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, එම වාර්තාව ඉක්මවා යමින් 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙරටට පැමිණ ඇති බවත්, ඒ අනුව නව ඉතිහාස වාර්තාවක් පිහිටුවා ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් නගරයෙන් මෙරටට පැමිණි ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්ඩුස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය යන පවුල, 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර ඇත.