ප්‍රවාහන, මහාමාග හා නාගරික සංවධන අමාත්‍යාංශයේ මගපෙන්වීම පරිදි 2026 අප්‍රේල් මස 08 වන දින සිට 20 දක්වා කාලය තුළ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලපිටත්වන මගීන් සඳහා වන ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාතමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇත.
ඒ අනුව ඇමුණුමේ සඳහන් පරිදි ප්‍රධාන ප්‍රවාහන ගිවිසුම් 05 ට අදාලව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන සභාව මඟින් නියාමනය වන අන්තර් පළාත් පුද්ගලික බස් සේවාවන්, දෛනිකව අතිරේක ගමන්වාර 800 ක් බැගින් වන පරිදි යොදවා ඇත. (ඇමුණුම 01 සහ 02)
පහත ගමනාගන්ත වෙත මගීන් වැඩි ප්‍රමාණයක් අවුරුදු කාලසීමාවේදී ගමන්කරනු ලබනු ඇතැයි පුරෝකතනය කර ඇත.
මාතර
බදුල්ල
නුවර එළිය
හැටන්
මොණරාගල
ඇඹිලිපිටිය
වැලිමඩ
ගාල්ල
මීට සාපේක්ෂව ශ්‍රී ලංකා දුම්රිය දෙපාතමේන්තුව විසින් දැනට දුම්රිය ධාවනය සිදුවන මාර්ගයන් සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාර වලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා ඇත.
බස්නාහිර පළාත්මාගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින්ද පහත සඳහන් නගර කේන්ද්‍ර කර ගනිමින් ගම්බිම් බලපිට යන මගීන්ට ගමන් පහසුකම් සැපයීමට බස් රථ සූදානම් කර ඇත.
නාවින්න
ගම්පහ
කඩුවෙල
මීගමුව
අවිස්සාවේල්ල
පානදුර
කඩවත
කලුතර
කටුනායක
මෙම කාල සීමාව තුළ ගම්බිම් කරා යාමට කොළඹ නගරය සහ තදාසන්න නගර ආශ්‍රිත බස් සහ දුම්රිය නැවතුම්පළවලට ලක්ෂ 15 කට ආසන්න මගීන් ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබේ.
මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂක කටයුතු, ප්‍රථමාධාර ඇතුළු මූලික අවශ්‍යතා අදාල බස් රථවල සපයා ඇති අතර විශේෂ රාජකාරි සඳහා නිලධාරීන්ද යොදවා ඇත.
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24 ම ආවරණය වන මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ පාරිභෝගික සේවා ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති අතර 1955 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය සහ 0712595555 (Whatsapp) හරහා ඕනෑම අයෙකුට ඒ හා සම්බන්ධ විය හැක.
එමෙන්ම මෙම කාල සීමාව තුළ මගීන්ගෙන් වැඩිපුරගාස්තු අයකිරීම, සේවාවේ ගුණාත්මකභාවය, මගීන්ගේ ආරක්ෂාව වැනි කරුණු පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන පිවිසුම් ආවරණය වන පරිදි පැය 24 පුරාම ක්‍රියාත්මක වන ජංගම පරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවා ඇත.
ගම්බිම් බලපිට ගිය ජනතාව නැවත කොළඹ හා තදාසන්න නගර කරා රැගෙන ඒම සඳහා අදාල පළාත් ප්‍රවාහන අධිකාරී සමඟ ඒකාබද්ධව බස් රථ සේවා සැපයීමටද අවශ්‍ය සැලසුම් ඇත.


