2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි
  • SocialShare:

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරිය අනාවරණය කළේ ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඒ අතරින් 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 228,424 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වේ. විශේෂත්වයක් ලෙස, පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුන තුළ සෑම සතියකම සංචාරක පැමිණීම් 70,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලින් පෙන්වා දෙයි.