2026 -2028 සඳහා දිවයිනේ පළාත් 09ම ආවරණය කරමින් සංචාරක සංවර්ධන වැඩසටහනක්

2026 -2028 සඳහා  දිවයිනේ පළාත් 09ම ආවරණය කරමින්  සංචාරක සංවර්ධන වැඩසටහනක්
  • SocialShare:

දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි  2026 – 2028 කාලසීමාව තුළ සංචාරක සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව , 2026 – 2028 කාලසීමාව තුළ දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි මෙම සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය  මෙම  වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව පවතින ගමනාන්ත හඳුනාගෙන ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවධානය යොමු කරමින් , 2026 – 2028 කාලසීමාව තුළ මෙම වැඩසටහන  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා මුළු දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 2,667.03ක් වේ. එමෙන්ම යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 131.02ක ඇස්තමේන්තුගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදී ඇත.