ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමු වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමු වෙයි
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂා (Jay Shah ) මහතා අතර හමුවක් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව ජේ ෂා මහතා පවසා ඇත.

නිල හමුවෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සාර්ථකව සත්කාරකත්වය සැපයීම සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන අඛණ්ඩ දායකත්වය ද ජේ ෂා මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.