ඩෙංගු රෝගය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, එය මර්දනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සංවිධානය කරන ජාතික ඩෙංගු මර්දන සතිය අද සිට(15) ආරම්භ වෙයි.
මෙම වැඩසටහන ජුනි 20 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන අතර, පළමු දින තුන වන ජුනි 15, 16 සහ 17 දිනවල නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
ජුනි 18 දින පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු කෙරෙන අතර, ජුනි 19 දින රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා වෙන් කර ඇත.
ජාතික ඩෙංගු මර්දන සතියේ අවසන් දිනය වන ජුනි 20 දින පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජන සහභාගීත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.


