වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ

වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ
  • SocialShare:

2026 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මැයි 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සියලුම මත්පැන්හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව , 2026 මැයි 29 දින සිට ජූනි 1 දින දක්වා මත්පැන් විකිණීම, බෙදාහැරීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මැයි 30 සහ 31 යන දිනවලදී සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා නොතැබීම හෝ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් එම තොරතුරු 1913 කෙටි දුරකතන අංකය ඔස්සේ හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.