අලියාවැටුණු වැව වනාන්තරය අලි ඇතුන් වෙනුවෙන් වෙන් කෙරේ

අලියාවැටුණු වැව වනාන්තරය අලි ඇතුන් වෙනුවෙන් වෙන් කෙරේ
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමීව අලියා වැටුණු වැව වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාතංශය සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියට අයත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම වනාන්තරය හෙක්ටයාර් 69.27ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.
ඉහළ ශාක හා සත්ව විවිධත්වයකින් යුතු මෙම වනාන්තරය අලින් ඇතුලු බොහෝ සත්ව විශේෂ සඳහා ස්වාභාවික වාසස්ථානයකි.
වියළි කලාපීය ලක්ෂණ සහිත මෙම වනාන්තරය මධ්‍යයේ පිහිටි ජල මූලාශ්‍රය සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ජල උල්පත් සඳහා පෝෂක ප්‍රදේශයක් ලෙස ද ක්‍රියා කරන මෙම වනාන්තර පද්ධතිය ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ද වැඩි දායකත්වයක් ලබා දෙයි.