ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් “Commonwealth Health Coordination Forum” සමුළුව ඊයේ (16) පැවැත්විණි.
“Shaping the Future of Cancer Across the Commonwealth” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී, Lancet Oncology Commonwealth වාර්තාවේ නිර්දේශ මත පදනම්ව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය H.E. Leslie Ramsammy මහතා විසින් මෙහෙයවනු ලැබීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි 23 දක්වා ජිනීවාහි World Health Organization මූලස්ථානයේදී පැවැත්වේ.


