ඓතිහාසික යාපහුව පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කර වැඩිදියුණු කිරීම සහ එහි සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය” ඊයේ(16) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
යාපහුව රාජධානියේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමත්, දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කළ හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මෙම සමාරම්භක අවස්ථාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


