කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පුනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S.Dzhagaryan මහතා අතර හමුවක් පසුගියදා (14) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව කරුණු සාකච්ඡා විය.
දෙරටෙහි ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ඉදිරීයේදී ලබා දීමට අපේක්ෂා කරන බව මෙහිදී තානාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම හමුව දෙරට අතර දිර්ඝකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වනු ඇතැයිද තානාපතිවරයා අවධාරණය කළේය.


