මහජන මුදල් නාස්ති කිරීමට රජය ඉඩ තබන්නේ නෑ - අධිකරණ අමාත්‍ය

මහජන මුදල් නාස්ති කිරීමට රජය ඉඩ තබන්නේ නෑ -  අධිකරණ අමාත්‍ය
  • SocialShare:

දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මහජන මුදල් නාස්ති වී ඇති බවත් වත්මන් රජය එවැනි කටයුතුවලට ඉඩ නොතබන බවත් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) ගාල්ල දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි මෙම ඉදිකිරීම් 2011 වර්ෂයේ ආරම්භ කළද තවමත් වැඩ නිම කර නොමැත.
මෙම අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩකටයුතු කඩිනමින් නිමකර ජූලි මස අවසන් වීමට පෙර රාජකාරී ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගොඩනැගිලි සකස් කිරීමේදී අනාගතයට සුදුසුවන පරිදි සකස් කිරීම පිලිබදවද සැලකිලිමත් වන ලෙසත් එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
තවද අමාත්‍යවරයා ඉදිවෙමින් පවතින නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහාද එක්විය.