“තමන්ගේ ම තැනක් ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ බියගම ග්‍රාමසේවා වසම් හතරක ඉදිකළ නිවාස එම ප්‍රතිලාභීන් වෙත ලබා දීම වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මෙම නිවාස ව්‍යාපෘතියට අදාල නිර්ණායක යටතේ නිවසක් අහිමි, පාසල් දූ දරුවන් සිටින, ස්ථීර ආදායමක් නොමැති පවුල් ඒකක හතරක් ප්‍රතිලාභීන් ලෙස තෝරා ගෙන ඇත.
2026 වසර අවසානය වන විට නිවාස 50ක් ඉදිකිරීමට ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කෙරේ.
මැද පෙරදිග යුද්ධය හේතුවෙන්, කිසිදු සංවර්ධන වැඩපිළිවෙලක් අතරමග නතර නොකරන බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.එසේම මෙරට ආර්ථිකය යහපත් මට්ටමක පවතින බැවින් පවතින ගැටලුවලට රජයට සාර්ථකව මුහුණ දීමට හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.


