ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් සහාය
  • SocialShare:

ලංකාවේ දැනට ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් තාක්ෂණය හා විශේෂඥතාව භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.

බෙලරුස් ප්‍රවාහන අමාත්‍ය ඇලෙක්සෙයි ලියාක්නොවිච් මහතා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර පැවැති හමුවකදී  මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.

මෙම හමුවේදී දෙරට අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.එමඟින් ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ගමනාගමන සම්බන්ධතා තවදුරටත් වර්ධනය අපේක්ෂා කෙරේ.

දෙරට අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ශක්තිමත් කිරීම, තාක්ෂණ හුවමාරුව වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් හුවමාරු විය.

ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට බෙලරුස් රාජ්‍ය ප්‍රවාහන විශ්වවිද්‍යාලය තුළ පුහුණු අවස්ථා ලබාදීමේ හැකියාව පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.