බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
  • SocialShare:

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

‍ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. ඒ අනුව අද (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.