කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන පැය 24ක ජල කප්පාදුව උපරිම පැය 12 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (05) පෙ.ව.8.00 සිට ප.ව.8.00 දක්වා පැය 12 කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවේ..
එසේම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් වශයෙන් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 1.00 දක්වා පැය 3ක කාලයක් ක්‍රියාත්මක කරන ජල කප්පාදුව තවදුරටත් සිදුවන බවද එම මණ්ඩලය දැනුම් දෙයි.


