යල කන්නයට පොහොර ලබාදීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලදී විවෘතව තැබේ

 යල කන්නයට පොහොර ලබාදීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලදී විවෘතව තැබේ
  • SocialShare:

යල කන්නයේ වි වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන්ට පොහොර ලබා දීමේ කටයුතු විධිමත් පරිදි ඉටු කිරීමට සියලු නිවාඩු දිනවල  සහ සති අන්තයේ අදාළ ප්‍රදේශයන්හි ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

පවතින යුධමය තත්ත්වය සහ විවිධ පාර්ශව පොහොර එක් රැස් කිරීමට ගත් උත්සහයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් වී වග‍ාව සඳහා අමිශ්‍ර පොහොර රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගොවිජන සේවා මධස්ථාන මගින් යූරියා පොහොර කිලෝ 50 ක මිටියක් රු 9900 – 10,200 ත් අතර මුදලකට අලෙවි කෙරේ.