පවතින වියළි කාලගුණික තත්වය යටතේ ජල පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සහ දෛනිකව වැඩි වේලාවක් ජල සැපයුම අත්හිටුවීව වැළැක්වීම සඳහා ජලය කළමනාකරණය කර බෙදැ හැරීමට ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරන් සඳහන් කරයි.
ඒ් අනුව කාලසටහන් ක්‍රමයකට ජලය නිකුත් කිරීමට එම මණ්ඩලය තීරණය කර ඇති අතර මෙම මස 10වැනි දින දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මෙම කාලසටහනට අනුව ජල සැපයුම විසන්ධි කෙරේ.
ඒ්අනුව ඊයේ සිට බත්තරමුල්ල , පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 1.00 දක්වා පැය තුනක කාලයක් ජලසැපයුම විසන්ධි කෙරේ.
එසේම පිළීවෙළින් පාදුක්ක , හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා ඊයේ රාත්‍රී 8.00 සිට පැය 24ක් ජලසැපයුම අත්හිටුවීමෙන් අනතුරුව දින තුනක කාලයක් ජල සැපයුම ලබා දෙන බව එම මණ්ලඩය දැනුම් දෙයි.
ජල සැපයුම විසන්ධි කිරීම පිළීබඳව වැඩිදුර තොරතුරු 1939 දුරතකන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.


