මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගත යුතුයි - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගත යුතුයි - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
  • SocialShare:

මැදපෙරදිග රටවල උද්ගත වී ඇති යුදමය තත්වය හේතුවෙන් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග විධිමත් සහ අඛණ්ඩ සන්නිවේදනයක් පැවත්වීම අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවැසුවේ පවතින යුද ගැටුම් තත්වය හමුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග හා ඉදිරි සැලසුම් පිළිබඳව බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමග අද (26) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමිනි.
ඒ අනුව විදේශ ශ්‍රමිකයින්ගේ සුභසාධනය පිළිබඳව අදාල ප්‍රතිපත්තිමය තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙන්ම විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීමේදී නිශ්චිත කාල රාමුවකට යටත්ව එම වාර්තා නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන මුහුණ දෙන ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමූ වූ අතර මෙම සාකච්ඡාවන් අඛණ්ඩව සිදුකරගෙන යෑම සඳහා කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය කර තිබේ.