බදාදා විශේෂ නිවාඩු දිනයේ දුම්රිය ධාවන කාලසටහන නිකුත් කෙරේ

බදාදා විශේෂ නිවාඩු දිනයේ දුම්රිය ධාවන කාලසටහන නිකුත්  කෙරේ
  • SocialShare:

පවතින ඉන්ධන තත්ත්වය හේතුවෙන් රජය සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර, එම දිනයේ ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, ප්‍රධාන මාර්ග, මුහුදුබඩ මාර්ග, කැලණිවැලි මාර්ග, පුත්තලම, මඩකලපුව/ත්‍රිකුණාමල සහ උඩරට මාර්ගවල ධාවනය වන දුම්රියන් සහ ඒවා පිටත්වන කාල සටහන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත දැනුම් දී ඇත.

මෙම දුම්රිය කාලසටහන් පිළිබඳව සියලුම ගමන් කරන්නන් නිවැරදිව දැනුවත් වීම වැදගත් වන අතර, එම දිනයේ ගමන සැලසුම් කරන්නේ එම සීමා සහිත සේවා කාලයන්ට අනුව පමණි.

653701485 1512670137086183 5225154182182131538 n