තෙල් අර්බුදයට විසඳුම ගබඩා පහසුකම් වැඩි කර ගැනීමයි - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

තෙල් අර්බුදයට විසඳුම ගබඩා පහසුකම් වැඩි කර ගැනීමයි - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹුන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු යොමු කළ ගැටලුවකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව එම තෙල් ටැංකි අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා මෙම හදිසි අර්බුදයට විසඳුමක් සෙවීම මෙන්ම මේ සඳහා දීර්ඝ කාලීන විසඳුම ගබඩා සංකීර්ණයන් වැඩි කර ගැනීම වන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
ගබඩා පහසුකම් පවතින්නේ නම් දින 25කට නොව දින 60ක් දක්වා වුවද තෙල් ගබඩා කර ගැනීමට හැකි වන බව බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සමහර තෙල් ටැංකිවල අලුත්වැඩියා කටයතු ඛණිජ තෙල් සංස්ථාව මගින් සිදු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දළ වශයෙන් රුපියල් බිලියන 32ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.