ජාත්‍යන්තර හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලටත් බදාදා දින නිවාඩු ලබාදෙන්නැයි ඉල්ලීමක්

ජාත්‍යන්තර හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලටත් බදාදා දින නිවාඩු ලබාදෙන්නැයි ඉල්ලීමක්
  • SocialShare:

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවය.

මේ අතර, සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් නොපැවැත්වීමට ද උපදෙස් ලබා දී ඇති බව ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සතියේ සෑම බදාදා දිනකම උපකාරක පන්ති සහ දේශන නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.