ඉරානයේ නාවික යාත්‍රා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පූර්ණ ගරුත්වය

ඉරානයේ  නාවික යාත්‍රා සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පූර්ණ ගරුත්වය
  • SocialShare:

ඉරාන නාවික හමුදාවට අයත් IRIS Bushehr සහ IRIS Dena නෞකා සහ එහි නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට සහ තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ, බේරාගත් ඉරාන නාවික හමුදා පිරිස සහ එම නෞකා සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකා රජය සතු ස්වාධීන කටයුත්තක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දේශීය නීතියට මෙන්ම ජාත්‍යන්තර නෛතික බැඳීම්වලට අනුකූලව, එම පිරිස සහ නෞකා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකාව සතුව පවතින බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව, ඉරාන නාවික හමුදාවට අයත් මෙම නෞකා සහ නාවිකයන් පිළිබඳව ශ්‍රී ලංකාව විසින් ගනු ලබන තීරණයන්ට ගරු කරන බවද එම ප්‍රකාශයේ සඳහන් වේ.