මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ කටුනායක සහ ඩුබායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.
ඒ අනුව අද (04) පස්වරු 2.30 ට UL 231 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්වීමට නියමිත අතර එරට වේලාවෙන් පස්වරු 7.10ට ඩුබායි සිට කටුනායක දක්වා UL 232 දරන ගුවන් යානය පිටත්වීමට නියමිත වේ.
එසේම ගුවන්යානා මෙහෙයුම් සම්බන්ධව තොරතුරු සඳහා +94 11 777 1979 (අන්තර්ජාතික) සහ 1979 (දේශීය) දුරකතන අංකවලින් ලබා ගත හැකි බවද එම ගුවන් සමාගම ජනතාවට දැනුම් දෙයි.
තවද www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ළඟම පිහිටි ගුවන් සමාගම් කාර්යාලයෙන් හෝ නියෝජිතයන් මාර්ගයෙන් ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.


